රාජිත සේනාරත්න මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක්
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අද පැය හතරකට අධික කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත ඒ කොළඹ පාසලක සිසුන් පිරිසකට කොරෝනා ආසාදනයවී ඇති බවට ඔහු මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි රාජිත සේනාරත්න මහතා රදවා සිටින මිගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් මෙම ප්‍රකාශය ලබාගෙන තිබේ ඉකුත් මාර්තු 17 වැනිදා මෙම මාධ්‍ය හමුව පවත්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාලව ලබාගත් අධිකරණ නියෝගයක් ප්‍රකාරව රාජිත සේනාරත්න මහතාගෙන් මෙම ප්‍රකාශය ලබා ගැනීමට කටයුතු කර ඇත