විදේශියන්ට රට විවෘත කිරිමට ස්පාඤ්ඤය සූදානම්

Share Button

ලබන මස 01 වැනිදා සිට රට විදේශිය සංචාරකයන් සදහා විවෘත කිරිමට ස්පාඤ්ඤය සූදානම් වෙයි. ඒ සදහා පසුබිම සැකසිමේ අරමුණින් රටේ පනවා ඇති සියලු සීමා ලබන මස 22 වැනිදා සිට ඉවත් කෙරේ. මේ අතර මාස 03 කට පසු ඉන්දුනිසියාවේ ජකර්තා නුවර මුස්ලිම් දේවස්ථාන අද විවෘත කෙරිණි. ඉදිරි සතියේදි සියලු සංචාරක ස්ථාන ආපනශාලා සුපිරි වෙළෙඳ සංකිර්ණ විවෘත කිරිමට නියමිතයි.
ඉන්දියාවේ කොරෝනා රෝගින්ගේ සංඛ්‍යාව දෛනිකව විශාල ලෙස වැඩිවෙමින් පවති. ඉකුත් පැය 24 තුළ දසදහසකට ආසන්න ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබෙ.් එමෙන්ම එරට වැඩිම දෛනික මරණ සංඛ්‍යාව ද අද වාර්තා වූ අතර එය 273 කි. ඒ අතරම පකිස්තානයේ ද කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස වැඩිවෙමින් පවති. ලොව කොරෝනා ආසාදිතයන් වැඩි 17 වන රට බවට පකිස්තානය පත්ව ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...