මෙරට මැතිවරණ ක්‍රමය සංශෝධනය විය යුතු බවට නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයාගෙන් ප්‍රකාශයක්

Share Button

මෙරට මැතිවරණ ක්‍රමය සංශෝධනය විය යුතු බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි  පෙර පැවති මැතිවරණ ක්‍රමය යලිත් ස්ථාපිත කළ යුතු වෙ කොට්ඨාසයකට වගකියන මහජන නියෝජිතයෙකු සිටිය යුතුය දුගී දුප්පත් ජනතාව ඉලක්ක කර ඔවුන්ට කිසියම් දෙයක් ලබාදි මනාප ඉල්ලිමේ ක්‍රමය සංශෝධනය විය යුතු බව ඔහු පෙන්වා දෙයි  ජාතික ගුවන්විදුලියේ සුභාරති සංවාද මණ්ඩපයට අද එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය  මෙරට නඩු ඇසිම ප්‍රමාදවිම් පිළිබඳව ජනතාව තුළ විශාල කතිකාවක් ගොඩනැගි ඇත  නඩු ප්‍රමාද වලක්වා ගැනිම සදහා විනිශ්චයකාරවරුන් බඳවා ගත යුතුය  අධිකරණ සංකිර්ණ පද්ධතිය තවදුරටත් පුඵල් විය යුතුය  නඩු ඇසිම සදහා ලොව දියුණු රටවල ක්‍රමවේද අනුගමනය කළ යුතු වේ  අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරිමේ අවශ්‍යතාව හෙතෙම පෙන්වා දුන්නේය   වන ආණ්ඩුක්‍රම සංශෝධනය මගින් ස්වාධින කොමිෂන් සභා වලට අසිමිත බලතල පැවරී ඇතැයි ඇමතිවරයා කිවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.