ඡන්ද පත්‍රිකා සියයට 50 කට වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කර අවසන්
ඉදිරි මහ මැතිවරණය සදහා ඡන්ද පත්‍රිකාවලින් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය සදහන් කරයි. අනුරාධපුරය ~ පොළොන්නරුව ~ මාතලේ ~ යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිෂන් සභාවට දැනටමත් භාරදී ඇතැයි මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනි ලියනගේ මහත්මිය සදහන් කරයි. මුද්‍රණ කටයුතු අවසන් කෙරෙන ඡන්ද පත්‍රිකා වහාම කොමිසමට භාර දෙන බවද ඇය පවසයි.