කොරෝනා ආරම්භය – ව්‍යප්තිය සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක්

Share Button

කොරෝනා වෛරසයේ ආරම්භය සහ ව්‍යප්තිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කරයි ඒ සදහා විශේෂ කණ්ඩායමක් චීනය බලා පිටත්කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් පවසයි. ජිනීවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. වෛරසයේ මුලාරම්භය පිලිබද නිවැරදි තොරතුරු ලබා ගැනීමෙන් වෛරසය මැඩපැවැත්වීමට ඇති හැකියාව නිර්ණය කල හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

මේ වන විට ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2042 ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සුවය ලැබූ සංඛ්‍යාව 1711 කි.
ලොව පුරා කොරෝනා ආසාදිත මුඵ සංඛ්‍යාව එක්කෝටි හාර ලක්ෂ නවදහස් දෙසිය තිස් නවයක් දක්වා ඉහළ ගොස් තිබේ. ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 26 ලක්ෂ 81 දහස් 811 කි. බ්‍රසිලයෙන් කොරෝනා ආසාදිතයින් 13 ලක්ෂ 70 දහස් 488 ක්ද රුසියාවෙන් ආසාදිතයින් 6 ලක්ෂ 41 දහස් 156 ක්ද ඉන්දියාවෙන් ආසාදිතයින් පන් ලක්ෂ 67 දහස් 536 දෙනෙක් ද වාර්තා වෙයි.
ලෝකයේ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව පන් ලක්ෂ අට දහස් 228 කි. ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 1 ලක්ෂ 28 දහස් 783 කි. බ්‍රසීලයෙන් කොරෝනා මරණ 58 දහස් 385 ක්ද බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 43 දහස් 575 ක්ද ඉතාලියෙන් කොරෝනා මරණ 34 දහස් 744 ක්ද වාර්තා වේ.
මේ වන විට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ මුඵ සංඛ්‍යාව 56 ලක්ෂ 68 දහස් 668 කි. ඇමරිකාවේ 11 ලක්ෂ 17 දහස් 177 දෙනෙක් සුවය ලබා සිටිති. බ්‍රසීලයෙන් වාර්තා වන සුවය ලැබූ සංඛ්‍යාව 7 ලක්ෂ 57 දහස් 462 කි. රුසියාවේ 4 ලක්ෂ තුන් දහස් 430 දෙනෙක් සුවය ලබා සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...