මෙරට වැවෙන දේශීය ඖෂධ ශාඛ
මෙරට වැවෙන දේශීය ඖෂධ ශාඛ නිශ්චිතව හදුනා ගැනිීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ. එය මේ වසර අවසන්වීමට පෙර ක්‍රියාත්මක කරන බව නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ උසස් නිලධාරියෙක් ජාතික ගුවන් විදුලියට පැවසීය. මෙහිදී කිසියම් ඖෂධ ශාඛයක් තෝරාගෙන එහි සාම්ප්‍රදායික හා ඉන්දියානු අර්ථ කථනය. උද්භිද විද්‍යා අර්ථ කථනය හා සන්සන්දනය කර නිවැරදිව හදුනා ගැනීමට නියමිතයි. ඇතැම් ඖෂධ ශාඛ ප්රාදේශීයව හැදින්වීමේදී එම නාමකරණය නිශ්චිතවම අදාළ ඖෂධ ශාඛ සදහා භාවිත වන්නේදැයි මෙහිදී සොයා බැලේ. ආයුර්වේද ඔසුසැල්වල අලෙවි කරන්නේ නිවැරදි ඖෂධ යන්න පිළිබඳවද මෙහිදිී අවධානය යොමු කෙරේ.