නව අගමැති වැඩභාර ගැනීම අරලියගහ මන්දිරයේදී
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරියේදි සිය රාජකාරි අද ආරම්භ කරයි. ඉකුත් මහ මැතිවරණයේදි විශිෂ්ට ජයග්‍රහනයක් ලැබු ශ්‍රි ලංකා පෙරමුණේ අග්‍රාමාත්‍ය ධූර අපේක්ෂකයා වුයේ මහින්ද රාජපක්ෂ මහතා ය. ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ අග්‍රමාත්‍යවරයා ලෙස කැළණිය රජමහ විහාරස්ථානයේදී දිවුරුම් දුන්නේය. කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණින් තරග කළ රාජපක්ෂ මහතා ලක්ෂ පහ ඉක්මවු මහජන මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් මෙරට ඉතිහාසයේ වැඩිම මනාප ලැබූ අපේක්ෂකයා බවට පත්වෙමින් ඓතිහාසික ජයග්‍රහනයක් ලබාගත්තේය. 1945 නොවැම්බර් මස 18 වනදා උපත ලැබූ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකීය දේශපාලනයෙ අත්දැකීම් රැසක් ලැබු පරිනත දේශපාලනඥයෙකි. වෘත්තියෙන් නීතිඥවරයෙකු වන ඒ මහතා පලමුවරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරි පත් වන්නේ 1970 වසරේ මැයි මස 26 වැනිදා පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරමිනි. එවක පාර්ලිමේන්තුව නියෝජනය කළ ලාබාලතම මන්ත්‍රිවරයා ඔහුය. 30 වසරක සාපලත් යුද්ධය නිමා කිරීමට නායකත්වය දුන්නේ එවක සේනාධි නායක මහින්ද රාජපක්ෂ මහතායි. 2013 වසරේ නොවැම්බර් මස 15 වැනිදා සිට 2015 වසර දක්වා පොදු රාජ්‍ය මණ්ඩලීය සමුඵවේ නායකත්වය දරමින් ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීභාවය වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවේ මහින්ද රාජපක්ෂ මහතා සිය හඩ අවදි කළේය. දෙවරක් මෙරට ජනාධිපති ධුරය දැරු මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පලමුවරට කම්කරු ප්‍රඥප්තියක් හදුන්වාදීමට කැපවී ක්‍රියා කළේය. ඒ 1994 වසරේ කම්කරු අමාත්‍යවරයාව සිටියදීය. 1997 වසරේ සිට 2001 වසර දක්වා ධිවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා එම ක්‍ෂේත්‍රයේ ප්‍රගමනයට ද සුවිශේෂි දායකත්වයක් ලබා දුන්නේය. මේ වනවිට 74 වන වියේ පසුවන මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ ආරම්භ කරන්නේ 50 වසරකට අධික පරිනත දේශපාලන අත්දැකීම් රැසක් ලැබු මෙරට දේශපාලනයේ ප්‍රබුද්ධම චරිතය ලෙසයි.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරමින් රට සංවර්ධනය කිරීමට හා සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ රට පුරා ආරම්භ කෙරෙන සාමුහික සංවර්ධන ක්‍රියාදාමයට පක්ෂ පාට භේදයෙන් තොරව සියලු ශ්‍රි ලාංකීකයින්ගේ දායකත්වය අපේක්ෂා කරන බවයි. ඉකුත් මහ මැතිවරණයේදී පන්ලක්ෂයකට අධික මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබාදෙමින් කුරුණෑගල ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසයට කෘතඥතාව පලකරන බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ පාමින් සිටින ප්‍රශ්න තවත් මැතිවරණයක දේශපාලන පොරොන්දු බවට පත්විමට ඉඩ නොතබා විසඳීමට ජනාධිපතිතුමා සහ තමා ඇතුඑ රජය ඉදිරියේදී ක්‍රියා කරන බවට අග්‍රාමාත්‍යවරයා සහතික වෙයි. ශ්‍රි ලංකාවේ සමස්ත ජනතාව අපේක්ෂා කළ සමෘද්ධිමත් හා සාමකාමී රට බිහිකිරීමේ වගකීම දැන් තමන් ඉදිරියේ ඇතැයි ද අග්‍රමාත්‍ය මහින්දි රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.