අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් කොළඹ නගරය සහ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන නිවාස 30 දහසක්

Share Button

අඩු ආදායම්ලාභින් සදහා කොළඹ නගරය සහ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන නිවාස 30 දහසක් ඉදි කරන බව නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම් සිරිනිමල් පෙරේරා මහතා පවසයි. මාස 52 ක් තුළ ඒවා ඉදිකෙරේ. ඒ අනුව වසරකට නිවාස 7500 ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව ඔහු සදහන් කළේය.මධ්‍යම පාන්තිකයින් සදහා නිවාස  අඩු ආදායම්ලාභින්ට නිවාස සහ මිලට ගත හැකි මට්ටමේ නිවාස ආදි වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන තවත් නිවාස ව්‍යාපෘතියක් ද අලුතින් ක්‍රියාත්මක කෙරේඩ්€ඤු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල අනුව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මකයි. අද පෙරවරුවේ පැවති ආයතන ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තොරතුරු අනාවරණ කෙරිණ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...