මෙහෙණි සසුනේ ආරම්භය සිදුවු බිනර පුරපසලොස්වක පොහොය අදයි

Share Button

මෙහෙණි සසුනේ ආරම්භයේ සිදුවු බිනර පුරපසලොස්වක පොහොය අදයි. බුදුරාජණන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේ වැඩ වසද්දි එහි පැමිණි මහාප්‍රජාපති ගෝතමිය කාන්තාවන් සදහා ශාසන පැවිද්ද ඉල්ලා සිටියාය. බුදුරාජණන් වහන්සේ තුන්වරක්ම එම ඉල්ලිම ප්‍රතික්ෂේප කලහ පසුව ආනන්ද ස්වාමින් වහන්සේගේ බලවත් උත්සහය නිසා පෙර බුදුවරුන්ගේ ශ්‍රාවිකාවන් පිරු අෂ්ඨ ගරු ධර්ම පිලිගැනිමට සලස්වා පැවිද්ද හා උපසම්පදාව සිදුකරන්නැයි බුදුරාජණන් වහන්සේ නියෝග කලහ. මහාප්‍රජාපති ගෝතමිය ප්‍රමුඛ කුමාරිකාවන් පන්සියයක් එහිදි පැවිද්ද හා උපසම්පදාව ලැබු බව ශාසන ඉතිහසයේ සදහන් වෙයි.
දිවයිනපුරා වෙහෙර විරාස්ථානවල අද විවිධ පිංකම් පැවැත්වෙයි. ජාතික ගුවන් විදුලියේ සිංහල ස්වදේශිය සේවය ගෙන එන පුජා සදහම් වන්දනා සජීවි වැඩසටහන මෙවර ප්‍රචාරය කෙරෙන්නේ සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේ සිටයි. වැලිගම බටවල පුඩලුමුල්ල අභිනවාරාම පුරාණ විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත් රුහුණු සේවය ඔස්සේ සජීවිව විසුරුවා හැරේ. විහාරාධිපති පුජ්‍ය කොග්ගල ඥාණකිත්ති ස්වාමින් වහන්සේ අනුශාසනාව පරිදි එම ආගමික වැඩසටහන් සංවිධානය කර තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.