ලබන 08 වැනිදා සිට 11 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි
ලබන 08 වැනිදා සිට 11 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගෙන තිබේ.එම රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ යෝජනා පරිදි ලබන 08 වැනිදා සභාව කල්තැබීමේ විවාදයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍යංශයේ කාර්යසාධන වාර්තාව සහ වසරමැද රාජ්‍ය මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව 2020 විවාදයට ගැනේ. එදින පස්වරු 1.00 සිට පස්වරු 6.30 දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි.ලබන 09 වැනිදා නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ නියමයන් 09 ක්.සුරාබදු ආඥා පනත යටතේ නිවේදන 10 ක් විවාදයට ගැනේ.ලබන 10 වැනිදා වරාය , ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නිවේදන 06 ක් රේගු ආඥා පනත යටතේ නියමයන් 03 ක් සහ රේගු ආඥා පනත යටතේ යෝජනා 06 ක් විවාදයට ගැනේ. ලබන 09 වැනිදා පස්වරු 1.00 සිට පස්වරු 7.30 දක්වාත් 10 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 7.30 දක්වාත් පාර්ලිමේන්තුව රැස්වෙයි. ලබන 11 වැනිදා ලංකා කම්කරු කොන්ග්‍රසයේ හිටපු නායක සහ හිටපු අමාත්‍ය දිවංගත ආරුමුගම් තොණ්ඩමන් පිළිබඳව ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කෙරේ. ඒ සදහා පෙරවරු 10.30 සිට පස්වරු 6.30 දක්වා කාලය වෙන්කර ඇත. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුඵ මැතිඇමතිවරුන් රැසක් තොණ්ඩමන් මහතා පිළිබඳව අදහස් දැක්වීමට නියමිතයි