අලුතින් විශ්ව විද්‍යාල 10 ක් ගොඩනැගීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය

Share Button

මෙරට දැනට පවතින විශ්ව විද්‍යාල සංඛ්‍යාවට අමතරව අලුතින් විශ්ව විද්‍යාල 10 ක් ගොඩනැගීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදීමට කැමැත්ත පල කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය ජී. එල් පීරිස් මහතා පවසයි.සමාජයේ අභීමානයෙන් ජීවත්වීමට අවශ්‍ය පරිසරය මෙරට සියලු උපාධීධාරීන්ට නිර්මාණය කළයුතු බව හෙතෙම කියයි. අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සමග ඊයේ පැවැති හමුවකදීය.ඉදිරියේදී පාසල් දරුවාට ගැලපෙන පරිදි විෂයමාලා ප්‍රතිසංස්කරණය කිරීමට අවධානය යොමුවී ඇතැයිද ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් සෑම දිස්ත්‍රික්කයකම සම්මන්ත්‍රණ පැවැත්වීමට අපේක්ෂා කෙරේ. විදුහල්පතිවරුන්, ගුරුවරුන් දෙමව්පියන් සිසුන් ඇතුලු සියලු සමාජ කණ්ඩායම් සම්බන්ධ කර ගනිමින් එම සංශෝධන සිදුකෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...