හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර ඉදිරිපත් කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ජනවාරී 27 වැනිදා
හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ඉදිරිපත් කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ජනවාරී 27 වැනිදා දක්වා කල්දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් අනිවාර්යයෙන් නිවාඩු යැවීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් ඔහු එම පෙත්සම ඉදිරිපත් කර තිබේ. ප්‍රියන්ත ජයවර්ධන. එල්. ටී. බී. දෙහිදෙනිය. සහ ප්රිති පද්මන් සුරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද එම පෙත්සම සලකා බැලීමට නියමිතව තිබිණි.