මහනුවරදී ගිලා බැසීමට ලක්වු ගොඩනැගිල්ල අවිධිමත් ඉදිකිරීමක් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි

Share Button

මහනුවර බුවැලිකඩ සංඝමිත්තා මාවතේ ගොඩනැගිල්ලක් ගිලා බැසීමෙන් සිදුවු අනතුරෙන් ජීවිත 3 ක් අහිමි වෙති.  පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බැස අසල ඇති නිවසක් මතට පතිත වීමෙන් එම නිවසට බරපතල හානි සිදුවිය. එම නිවසේ සිට බේරා ගත් මාස එකහමාරක් පමණ වයසැති බිළිඳා මිය ගිය බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය. අනතුරුව බිළිඳාගේ දෙමව්පියන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වු අතර සුන්බුන් අතර සිරවු ඔවුන් දෙදෙනාගේද සිරුරු ද සොයාගෙන තිබේ.

මේ දිනවල පවතින දැඩි වර්ෂාව හේතුවෙන් මෙම පස්මහල් ගොඩනැගිල්ල ගිලාබැස ඇති බව මහනුවර පොලිසිය සදහන් කළේය. අද අලුයම 5.00 ට පමණ ලැබුනු තොරතුරකට අනුව එම ස්ථානයට මහනුවර පොලිසියේ නිලධාරීන් ගොස් තිබේ. එහිදී පහල නිවසේ සිටි පස් දෙනාගෙන් තිදෙනෙකු බේරාගෙන ඇත. මියගිය බිළිඳා ද ඒ අතර විය. යුද හමුදාව පොලිසිය හා මහනුවර මහ නගර සභාව එක්ව දරුවාගේ දෙමව්පියන් බේරා ගැනීමේ පුඵල් මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුනි. මෙම පස් මහල් ගොඩනැගිල්ල අවිධිමත් ඉදිකිරීමක් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් භු විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා ජාතික ගුවන් විදුලියට පැවසීය. ඒ ආශ්‍රිත නිවාස 3 ක පදිංචිකරුවන් මේ වනවිටත් තාවකාලිකව ඉවත් කර ඇත. මීට අදාලව ඉක්මනින් සහ දීර්ඝකාලිනව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...