ඖෂධ පැළෑටි රැසක් වඳ වී යාමේ තර්ජනයට

Share Button

වටිනා ආයුර්වේද ඖෂධ පැළෑටි රැසක් වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි දේශිය වෛද්‍ය වෘත්තියේ නිරත පිරිස් පවසති. හාතවාරිය ඉරමුසු අස්වැන්න. වදකහ පොල්පලා. තෙල්එරඩු කටුවැල්බටු ආඩතෝඩ. තිප්පිලි ආදිය ඒ අතර වෙයි. ඒවායේ හිගය හේතුවෙන් දේශිය වෛද්‍ය ප්‍රතිකාර සදහා අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය දුෂ්කර වී ඇතැයි ඔව්හු පවසති. ගුණාත්මකබවින් ඉහළ මී පැණි එළගිතෙල් ආදිය නිෂ්පාදනයටද අමුද්‍රව්‍ය හිගය දැඩිලෙස බලපා තිබෙ. එමනිසා මහා පරිමාණයෙන් දේශිය ඖෂධ පැළෑටි වගාකිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරිමේ අවශ්‍යතාව දේශිය වෛද්‍ය වෘත්තියේ නිරත පිරිස් බලධාරින්ට පෙන්වා දෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...