42 වන ජාතික යෞවන සම්මාන තරගාවලිය සදහා මේ දිනවල අයදුම්පත්
42 වන ජාතික යෞවන සම්මාන තරගාවලිය සදහා මේ දිනවල අයදුම්පත් භාරගන්නා බව ජාතික තරුණ සේවා සභාව පවසයි. දිවයින පුරා සිටින වයස අවුරුදු 15 ත් 29 ත් අතර තරුණ තරුණියන්ට මේ සදහා අයදුම් කළ හැකිය. අංශ 103 ක් තරගාවලියට ඇතුළත් බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති ටෙෂාර ගුණරත්න මහතා කියයි. නාට්‍ය , නර්තන , සංගීත,සාහිත්‍යය, චිත්‍ර , ඡායාරූප කැටයම් මුර්ති යන අංශ ද ඒ අතර වෙයි වැඩි විස්තර ඩබ්ලිව්. ඩබ්ලිව් .ඩබ්ලිව් ඩොට් එන් වයි එස් සි ඩොට් එල් කේ. වෙබ් අඩවියෙන් හෝ පළාත් කාර්යාල වලින් සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල තරුණ සේවා නිලධාරින්ගෙන් ලබාගත හැකිය