සුදුසුකම් නොමැති පුද්ගලයින්ට ගමනාගමන මණ්ඩලයේ තනතුරු නොදෙන බව ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි

Share Button

සුදුසුකම් නොමැති පුද්ගලයින්ට ගමනාගමන මණ්ඩලයේ තනතුරු ලබා නොදෙන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නැගු පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ විධිමත් ක්‍රමවේදයකට අනුව ලංගම පත්වීම් ලබා දෙන බවයි.දේශපාලනඥයින්ට නීතිය අතට ගැනීමට ඉඩ නොදෙන බව මා ප්‍රකාශ කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සදහන් කළේය. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයට දෙමළ භාෂාව කථා කරන අනධ්‍යය සේවකයින් පත් කරන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසිීය. ශිවඥාණම් ශ්‍රීිධරන් මන්ත්‍රීවරයා නැගු පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිීය. වාචික ප්‍රශ්න සහ පිළිතුරුවලට පමණක් අද පාර්ලිමේන්තු සභාවේ කටයුතු සීමා වු අතර ලබන 20 වැනිදා පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව යලි රැස් වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...