බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
දේශීය පුවත්

මිනුවන්ගොඩ කොරෝනා පොකුර එක්දහස් තුන්සිය හත දක්වා ඉහළට

Share Button

අද පෙරවරුව වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 124 දෙනෙකු හදුනාගෙන ඇතැයි කොවිඩ් නයින්ටීන් පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි. තිදෙනෙක් විදේශයන්හි සිට මෙරටට පැමිණි අය වෙති. දේශියව හදුනාගෙන ඇති 121 දෙනා මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවය කරන පුද්ගලයන් ඇසුරු කළ අය වෙති. මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ කොරෝනා පොකුරේ අද පෙරවරුව වනවිට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1307 කි.

අද පෙරවරුවේ දෝහා කටාර් සිට දෙදෙනෙකු මෙරටට පැමිණ තිබෙ. ඔව්හු නිරෝධායන කටයුතු සදහා යොමු කරනු ලැබුහ. ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටින 112 දදෙනෙකු නිරෝධායනය අවසන් කර අද නිවෙස් බලා යාමට නියමිත බවද මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඒ අනුව අද වනවිට නිරෝධායනය අවසන් කර නිවෙස් බලා ගොස් ඇති සමස්ත සංඛ්‍යාව පනස් එක් දහස් හතරකි. මධ්‍යස්ථාන 93 කදි තවත් දසදහස් හාරසියහතලිස් හත් දෙනෙක්  තවදුරටත් නිරෝධනයට ලක්වෙමින් පසුවෙති. ඊයේ සිදු කර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 3468 කි. ඒ අනුව මෙරට සිදුකර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව තුන්ලක්ෂ තිස්එක්දහස් නවසිය හැත්තෑ දෙකකි . කොරෝනා වෛරසය ආසාදනය වි රෝහල් ගත කර සිටි තවත් පුද්ගලයෙක් පුර්ණ සුවය ලබා අද රෝහලෙන් පිටව ගියේය.

දැනට හදුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් සියලු දෙනා මිනුවන්ගොඩ ඇගලුම් කම්හල් සේවක සේවිකාවන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් වන බැවින් එම කොරෝනා පොකුර පාලනය කිරිමේ හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...