73 වන නිදහස් දින සැමරුම් උලෙලේ කටයුතු සංවිධානය සදහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

Share Button

පෙබරවාරි මස 04 වැනි දිනට යෙදී තිබෙන 73 වන නිදහස් දින සැමරුම් උලෙලේ කටයුතු සංවිධානය සහ මෙහෙයවීම සදහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර ඇතැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කීවේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, දිනේෂ් ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, චමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ගෙන් සමන්විතයි.
අධිවේගී මාර්ග ආයෝජන සම්බන්ධව ක්‍රියා කිරීමට වෙනම ආයතනයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත. හදුන්කුරු නිෂ්පාදනයට යොදා ගන්නා උණ බට වසරක කාලයක් ආනයනය කිරීමට අවසර දී ඇතැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...