කොරෝනා ව්‍යාප්තිය පාලනයට ජපානයෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ 96 ක්
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනයට ශ්රීී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට ජපානය ඇමරිකානු ඩොලර් ලක්ෂ 96 ක මුදලක් පිරිනමයි. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකිර සුගියාමා මහතා ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා හමුවු අවස්ථාවේ ඒ බව සදහන් කළේය. විදුලිබල අමාත්‍යංශයේදී එම හමුව පැවැත්විණි. මෙරට විදුලිබල ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් ජපන් තාක්ෂණික හා මුල්‍ය සහයෝගය ඉදිරියටද ලැබෙනු ඇතැයි තානාපතිවරයා පැවසීය. මෙරට බලශක්ති ක්ෂේත්රයේ අභිවෘද්ධිය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙල ද තානාපතිවරයාගේ ඇගයීමට ලක් විය.