කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් රට තුළ තිබෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් පවසයි.
කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් තවත් ඇදන් 477 ක් රටපුරා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉතිරිව පවතින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඇතැම් මාධ්‍ය මීට අදාළව වැරදි ප්‍රචාර සිදුකරමින් සිටී. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ රෝගීන් තිදෙනෙකු පමණි. එම ප්‍රතිකාර ඒකකවල තවත් ඇදන් 143 ක් පවතී. දැනට ප්‍රතිකාර ලබන සහ නිරෝධායනය වෙමින් සිටින රෝගීන් පුඵල් වෛද්‍ය පරීක්ෂණවලට ලක්කරන බවද ඔහු කිවේය. රෝගීන් සුවවී නිවෙස් බලා පිටත්කර හැරියද ඔවුන්ව තවත් දින 14 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක් කෙරේ.