ධීවර අමාත්‍යංශයේ නව ලේකම්වරිය සන්දනායක මහත්මිය

Share Button

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් ලෙස ඩබ්ලිව්.පි. සන්දනායක මහත්මිය අද (02) වැඩ භාර ගත්තාය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙස  කටයුතු කළ අබ්දුල් මජිඩ් මහතා පසුගියදා විශ්‍රාම යාමත් සමඟ  පුරප්පාඩු වු රාජ්‍ය ලේකම්ධුරයට ඩබ්ලිව්.පි. සන්දනායක මහත්මිය පත්කිරීමට පසුගිය 31දා රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණ කළේය.

සන්දනායක මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන අතර මීට පෙර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් පාලන ලෙසද කටයුතු කර ඇත. සහකාර ප්‍රාදේශීය ලේකම්වරියක  ලෙස වසර 10 ක් හා ප්‍රාදේශීය ලේකම් ලෙස වසර 10ක් රාජකාරී කර කළ සන්දනායක මහත්මිය වනජීවී සහ තිරසර සංවර්ධන, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන යන අමාත්‍යාංශවල අතිරේක ලේකම් පාලන ලෙස රාජකාරී කළේය.

නව රාජ්‍ය ලේකම්ධුරයට පත්වීමට පෙර ජාතික ඒකාබද්ධතා, සංහිදියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශයේ අතිරේක ලේකම් පාලන ලෙස රාජකාරි කරමින් සිටියාය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් කාර්යාලයේ දී  සන්දනායක මහත්මිය  වැඩ භාරගැනීමේ අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...