බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
දේශීය පුවත්

පාසල් ආරම්භ කිරිම තවත් සති 2 කින් දිර්ඝ ක‍ෙරේ

Share Button

කොවිඩ් වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් 3 වන වාරය සදහා පාසල් ආරම්භ කිරිම තවත් සති 2 කින් දිර්ඝ කිරිමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. තෙවන පාසල් වාරය ලබන සදුදා ආරම්භ විමට නියමිතව තිබිණි. දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින් මෙම තිරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසිය.

මේ අතර මෙවර විශ්ව විද්‍යාලවලට වැඩිපුර සිසුන් දසදහසක් බදවා ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. මෙරට විශ්ව විද්‍යාල පද්ධතියට වසරකදි බදවා ගන්නා වැඩිම සිසුන් සංඛ්‍යාව මෙය ලෙස සැලකේ. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවට අනුව උසස් පෙල සමත්වන සිසුන් වැඩි පිරිසකට සරසවි අවස්ථා ලබාදිමේ ප්‍රතිපත්තිය අනුව මෙම පියවර ගත් බව එම කොමිසමේ සභාපති සම්පත් අමරතුංග මහතා සදහන් කරයි. අභියාචනා ඉදිරිපත් කිරිම මෙවර විද්‍යුත් තැපැලෙන් පමණක් සිදුකෙරේ.විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් යු සි ජි ඩොට් ඒ සි ඩොට් එල් කේ මගින් හෝ ඇපීල්ස් ඇට් යු සි ජි ඇට් ඒ සි ඩොට් එල් කේ යන ඊමේල් ලිපිනයෙන් සිසුන්ට අභියාචනා කිරිමේ අවස්ථාව සලසා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...