දුම්රිය ධාවන කටයුතු වල ද වෙනසක්
බස්නාහිර පළාතට ඊයේ පැනවූ සීමා හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු වල ද වෙනසක් සිදුකර ඇත. ඒ අනුව බෙලිඅත්ත. මහනුවර මහව. පුත්තලම හා අවිස්සාවේල්ල දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කරන සහ එම මාර්ගවල ගමන්කරන දුම්රියවලට අද පෙරවරුවේ කොළඹ කොටුව දක්වා ළගා වීමට අවසර පවතී. පස්වරුවේ ගමනාන්ත කරා ගමන්ගන්නා විට එම දුම්රිය බස්නාහිර පළාතේ සීමාවන්වල පමණක් නවත්වනු ලැබේ. ඒ අනුව කොළඹ සිට අලුත්ගම අඹේපුස්ස කොච්චිකඩේ හා අවිස්සාවේල්ල දක්වා ගමන් කළ හැක. ඉන් ඔබ්බට සෞඛ්‍ය හේතු මත බස්නාහිර පළාතේ සිට මගීන් රැගෙන නොයන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. ධාවනය වන දුම්රියට ඊළග දුම්රිය නැවතුම්පළේ සිට ගොඩවන මගීන්ට ගමනාන්තය දක්වා ගමන් කළ හැකිය. ප්‍රදේශීය වශයෙන් ධාවනය කරනු ලබන සියලු දුම්රිය නියමිත දුම්රිය කාල සටහන් අනුව ධාවනය කෙරේ.