මුස්ලිම් ජාතිකයින්ගේ අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් මේ වන විට සංවාදයක්
කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් මේ වන විට සංවාදයක් ගොඩනැගී තිබේ. මේ පිළිබඳ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ආණ්ඩුව ගනු ඇතැයි විශ්වාස කරන බවයි. ඒ සඳහා ජාත්‍යන්තරයේ මෙන්ම රටේ මතය ද වැදගත්ය. රජය පත්කර ඇති කමිටුවේ වාර්තාව අනුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීතිරීති අනුව එම කටයුතු සිදුකිරිීමට විරෝධයක් නැතැයි ඔහු කියයි.