ප්‍රාදේශිය බෙහෙත් ශාලා කඩිනමින් පූර්ණ සක්‍රිීයත්වයට පත්කිරීමට ජනපතිගෙන් උපදෙස්

Share Button

බෝනොවන රෝගවලින් පෙළෙන්නන් කොවිඩ් ආසාදනයෙන් බේරා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. සෙසු රටවලින් මෙන්ම මෙරටින් ද වාර්තා වූ කොවිඩ් මරණවලින් සියයට 90 කට හේතුව බෝ නොවන රෝගයි. හෘද දියවැඩියා වකුගඩු හා පිළිකා ආශ්‍රිත රෝගීහු ඉතා වේගයෙන් කොවිඩ් ආසාදනයට ලක්වෙති. බොහෝ දෙනෙකු රෝග ලක්ෂණ නොපෙන්වා මරණයට පත්වී ඇත. ඔවුන් කොරෝනා ආසාදිතයින් බව තහවුරු වූයේ පසුව කළ පී සී ආර් පරීක්ෂණවලිනි. ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් කාර්ය සාධක බලකාය ඊයේ රැස් වූ අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව කිීවේය.

කොවිඩ් ව්‍යාප්තිය සහ පාලනය පිළිබඳ වත්මන් තත්ත්වය මෙන්ම අනාගතයේ දී මතුවිය හැකි වෛරස ආශ්‍රිත රෝග පාලනය සහ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරිීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ අධ්‍යයනය කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳ දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණි. ප්‍රාදේශීය බෙහෙත් ශාලා කඩිනම් පූර්ණ සක්‍රීයත්වයට පත්කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය. හුදෙකලා කර ඇති ප්‍රදේශ වෙත භාණ්ඩ බෙදාහැරීමට සම්බන්ධ වන පාර්ශ්ව නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන්නේ ද යන්න අඛණ්ඩව නිරීක්ෂණය කළ යුතුය. එම ප්‍රදේශවලට ඇතුඵ වීමට හෝ ඒවායින් පිටවීමට කිසිවෙකුට ඉඩ නොතබන්නැයි ජනාධිපතිතුමා කීවේය. කොවිඩ් ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට සංචරණය වළක්වාලීමට ක්‍රියා කරන්නැයි එතුමා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...