කොරෝනා මර්ධන වැඩපිලිවල සදහා රජය රුපියල් මිලියන හැත්තෑ දහස ඉක්මවූ මුදලක් වැයකර ඇතියි ජනාධිපතිතුමා පවසයි

Share Button

රාජ්‍ය පාලනයේ සහ ජනාධිපතිවරයාගේ සාර්ථකත්වය පෙන්නුම් කරන්නේ රටේ පොදුජන මතය මිස අන්තවාදී දේශපාලන වාසි අපේක්ෂා කරන පාර්ශවයන් සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවාහරින අසත්‍ය ප්‍රචාර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ඊයේ රාත්‍රියේ ජාතිය අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවේ මේ වන විට කොරෝනා මර්ධන වැඩපිලිවල සදහා රජය රුපියල් මිලියන හැත්තෑ දහස ඉක්මවූ මුදලක් වැයකර ඇති බවයි. තර්ජන ගර්ජනවලට බිය නොවී ජනතාවගේ පොදු යහපත උදෙසා තමා අභියෝග භාර ගෙන ඉන් ජය ගැනීමට ආදර්ශ සපයා ඇතැයිද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
රටක ප්‍රගමනට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අත්‍යාවශ්‍ය වේ. ජනතා සේවයට කැපවීම රාජ්‍ය සේවකයාගේ වගකීමයි. ඉදිරියටත් රාජ්‍ය සේවය අධික්ෂණය පියවර ගැනේ. රාජ්‍ය පාලනයේ නාස්තිය දුෂණය පිටුදැක නාස්තිය දුෂණයට අවස්ථාව සලසන පාර්ශවයන්ට තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
දේශිය ව්‍යවසායකයා වෙනුවෙන් බදු ක්‍රම සරල කර ඇත. තරගකාරී ආනයන සීමා කොට පොලි අනුපාත අඩු කර තිබේ. දේශිය නිෂ්පාදන දිරි ගැන්වීම රජයේ ප්‍රතිපත්තියයි. ණය මුදල් අවශ්‍ය ජනතාවට ව්‍යාපාරිකයින්ට සහන ලබා දීමට පියවර ගැණින. වසර කිහිපයක් අඛණ්ඩව කඩා වැටුනු විදේශ විනිමය අනුපාත ස්ථාවරව පවත්වාගෙන යාමට හැකිව ඇත්තේ දේශිය ආර්ථිකයට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය හේතුවෙනි. ගෙවීමට නියමිතව තිබූ සියඵ විදේශ ණය වාරික අභියෝග රැසක් හමුවේ වූවද ගෙවා අවසන් කල බව ජනාධිපතිතුමා පැවසීය. දේශිය සැපයුම්කරුවන්ට නොගෙවූ හිග මුදල් ගෙවීමට මේ වන විට රජය රුපියල් බිලියන 47 ක් වැයකර ඇත. රටේ අඩපන වී තිබූ ආර්ථික ක්‍රියාවලිය යලි සක්‍රිය වී ඇත. රටේ ග්‍රාමිය ජනතාවගෙන් බහුතරය සම්බන්ධ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සංවර්ධනයට විශේෂ වැඩපිලිවලක් වේ. වී මිලදී ගැනීම සදහා වූ සහතික මිල රුපියල් 32 සිට රුපියල් 50 දක්වා වැඩි කළේ වත්මන් රජයයි.
දේශිය කෘෂි නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සදහා ඇතැම් බෝග ප්‍රති අපනයනය නතර කර ඇත. වී බඩඉරිගු අල ලුනු නිෂ්පාදන දිරිමත් කරමින් ආනයන බදු කලමණාකරණය කර ඇතැයිද ජනාධිපතිතුමා අවධාරණය කළේය. පෞද්ගලික අවශ්‍යතාවයට නොව රටේ ජනතාවගේ පොදු අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටීම අත්‍යාවශ්‍ය වේ. ගෝලීය කොවිඩ් අභියෝගය අමුවේ අනාගතයේදී ගැටළු රැසකට විසදුම් ලබා දෙමින් රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට සිදුව තිබේ. නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් තුල සැලසුම් සහගත ක්‍රමවේදයක් හමුවේ සියළු ශ්‍රී ලාංකිකයින්ගේ සහාය ලබා ගනිමින් එම අභියෝග ජය ගන්නා බවද ජනාධිපතිතුමා අවධාරණය කරයි. රටක ප්‍රජාතාන්ත්‍රවායද සුරක්ෂිත කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් 19 වන සංශෝධනයේ ගැටළුවලට තාවකාලික විසදුම් ලබා දුන්නද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සමග ජනතාවාදී රාජ්‍ය පාලන ප්‍රතිපත්තියක් ස්ථාපනය කරන බවද ජනාධිපතිතුමා සදහන් කළේය.
අභියෝග රැසක් හමුවේ වූවද රටේ සමස්ත අපනයන ආදායම මීට පෙර වසරවලට වඩා ඉහල මටටමක පවත්වාගෙන යාමට රජය සමත්වී ඇත. දැනටමත් දිලිදු පවුල්වල සාමාජිකයින් 35 000 කට රැකියා ලබාදී ඇත. ඉතිරි අයටද කඩිනමින් රැකියා ලබා දෙන බව ජනාධිපතිතුමා පැවසීය. උපාධිධාරීන්ට 60 000 කට රැකියා ලබා දීමටත් පුහුණුව ලබා දීමටත් රජය කටයුතු කල බව ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේය. සින්නක්කර ඉඩම් අහිමි පවුල් විසි දහසකට ඉඩම් අයිතිය ලබා දීමට රජය කටයුතු යොදා ඇත. ගතවූ කාලයේදී කිසිදු ආකාරයකට අධිකරණයට හෝ පොලිසියට තමා කිසිදු බලපෑම් සිදු නොකල බවද ජනාධිපතිතුමා අවධාරණය කරයි. තවදුරටත් දේශපාලන බලපුළුවන්කාරකම් මත නුසුදුසු පුද්ගලයින් රාජ්‍ය ආයතන ප්‍රධානින් ලෙස පත් කිරීමට තිබූ ඉඩ දැන් අහුරා  ඇතැයිද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...