බස්නාහිර පළාත සහ හුදෙකලා කරන ලද ප්‍රදේශ හැර සෙසු පළාත්වල පාසල් 3 වන වාරය අද ඇරඹෙයි
බස්නාහිර පළාත සහ හුදෙකලා කරන ලද පොලිස් බලප්‍රදේශවල පිහිටි පාසල් හැර අනෙකුත් පාසල් අද විවෘත කෙරේ. ඒ අනුව 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් සදහා පාසල් පන්දහස් එකසියයකට ආසන්න සංඛ්‍යාවක තුන්වන පාසල් වාරය අද ඇරඹේ. සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛය හා මාර්ගෝපදේශ සංග්‍රහය අනුව දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරිමට අදාළ සියලු පාර්ශවල සහය ලබාගන්නා මෙන් සියලු පළාත් කලාප හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් දි තිබේ.
මේ අතර අදින් ආරම්භ වන 3 වන පාසල් වාරයේදි පාසල් ළමයින් ප්‍රවාහනය කරන වෑන් රථ බස්රථ ආදිය දැඩි ලෙස නියාමනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පාසල් ළමයින් ප්‍රවාහනයේදි අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ රැසක් හදුන්වා දි තිබේ. ඒවා අනුගමනය කිරිම අනිවාර්යය වෙ.