පුර්ණ ආරක්‍ෂිත ක්‍රමවේද යටතේ පළාත් රැසක පාසල් විවෘත වෙයි – ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද කඩිනමින් තීරණයක්

Share Button

පාසල්වලට සිසුන් යැවීමට දෙමව්පියන් අනියත බියක් ඇති කරගතයුතු නැතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. අද පාසල් විවෘත කිරීම එක්වරම ගත් තීරණයක් නොවේ.කලක් තිස්සේ මනා අවබෝධයකින් යුතුව කොරෝනා මර්දන කාර්යසාධක බලකායේ උපදෙස් අනුව සෞඛ්‍ය අංශවල නිර්ණායක මත එය සිදුවු බව ලේකම්වරයා කියයි. පුර්ණ ආරක්‍ෂිත ක්‍රමවේද යටතේ බස්නාහිර පළාත සහ හුදකලා කළ ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල සියලු රජයේ පාසල් අද පෙරවරුවේ විවෘත විය.6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා එසේ විවෘත කර තිබේ.අද පාසල් 5100 කට ආසන්න සංඛ්‍යාවක් විවෘත කර ඇත. ප්‍රාථමික ශ්‍රේණි දරුවන් වෙනුවෙන් පාසල් ආරම්භ කිරීම පිළිබඳවද ඉදිරියේදී තීරණයක් ගැනේ. අද පාසල් විවෘත කෙරුණත් සිසුන්ගේ අඩුවක් පෙනෙන්නට ඇති බව අප වාර්තාකරුවෝ කියති. ඉදිරි දින කිහිපයේදී සිසුන්ගේ පැමිණීම ක්‍රමානුකුලව ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරේ. පාසල්වල සෞඛ්‍යාරක්‍ෂාව වෙනුවෙන් රුපියල් බිලියන 105 කට වැඩි මුදලක් වෙන්කර ඇතැයි රජය කියයි

සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය ආවරණය කර ඇති මට්ටම පිළීබඳව තොරතුරු විමසා බැලේ

මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගය සදහා ප්‍රථමවරට මුහුණදෙන සිසුන්ගේ විෂය නිර්දේශ ආවරණය කර ඇති මට්ටම පිළීබඳ තොරතුරු විමසා බැලීමට අධ්‍යාපන අමාත්‍යංශය සුදානම් වෙයි. ඒ පිළිබඳව විෂයභාර ගුරුවරුන්ගෙන් අදහස් විමසා බැලේ. කොවිඩ් හේතුවෙන් මේ වසරේ පාසල් පැවැත්වීම විධිමත්ම සිදු නොවුණි. එක් එක් පළාත්වල ඇති පාසල්වල ඇති පහසුකම් සහ මුහුණදීමට ඇති අභියොග හමුවේ විෂය ඒකක ආවරණය කිරීමට ගුරුවරුන්ට ඇති හැකියාව විවිධ මට්ටමේ පවති. එම ශ්‍රේණිය සදහා ඉගැන්වීම් කටයුතු කරන ගුරවරුන් මාර්ගගත ක්‍රමයට ඉන්ෆෝ ඩොට් එම්. ඕ  ඊ. ඩාට්ඩ්ජී ඕ. වී ඩොට් එල් කේ වෙබ් අඩවියට පිවිස අදාළ තොරතුරු ලබාදිය යුතුය.ගුරුවරුන්ට තම ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කර මේ සදහා පිවිසිය හැකිය.යම් අයෙකුට තොරතුරු ලබාදීමට ප්‍රවේශවීමට අපහසුනම් ග්‍රේඩ් ඉලවන් ඇට් එම්. ඕ. වී. ඩොට් ජී. ඕ වී ඩොට් එල් කේ විද්යුත් ලිපිනය මගින් තොරතුරු පද්ධතිය සක්‍රිය කරගත හැකිය. ඒ සදහා නම, ජාතික හැදුනුම්පත් අංකය, පාසල, පළාත් කලාපය සහ දුරකථන අංකය ඇතුළත් කළයුතුය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...