ප්‍රාදේශීය මට්ටමින් ජනමධ්‍ය පාසල් ආරම්භ කරන බව ජනාමාධය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කියයි
මාධ්‍යවේදීන්ගේ නිදහස ආර.ක්‍ෂා කිරීමේ වගකීම නිසිලෙස ඉටුකරන බවට ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහතික වෙයි. මාධ්‍යවේදීන්ට පහසුකම් ලබාදිමට ක්‍රියාකෙරේ.පාර්ලිමේන්තුවේ අද පැවැති ජනමාධ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂය පිළීබඳ විවාදයට එක්වෙමින් ඔහු එම කරුණු සදහන් කළේය.ප්‍රාදේශීය මට්ටමින් ජනමාධ්‍ය පාසල ආරම්භ කරන බවද ඇමතිවරයා පැවසීය.
පසුගිය රජය ජනාමධ්‍ය ආයතන විනාශ කළ බව පැවසු කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා එහෙත් වත්මන් ්රජය මාධ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය අඩි තාලම සකස් කර අවසන් බව සදහන් කළේය.කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉටුකරන මෙහෙවර ඇමතිවරයාගේ ඇගයීමට ලක්විය.