අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 204 වැන්න අගමැතිතුමාගේ සහභාගිත්වයෙන්
ඉල් පුරපසළොස්වක පොහෝය නිමිත්තෙන් දිවයිනපුරා වෙහෙර විහාරස්ථාන විවිධ පිංකම් පැවැත්විනි. ජාතික ගුවන් විදුලියේ පුජා සදහම් වන්දනාව සජිවි ප්‍රචාරය අද විසුරුවා හැරුනේ වාද්දුව මොරොන්තුඩුව කුඩාගෝනදුව උත්තරචේතියාරාම මහා විහාරයේ සිටයි. එම විහාරස්ථානයේ පැවැත්වෙන සර්වරාත්‍රික පිරිත් දේශනය රාත්‍රි 9.30 සිට හෙට අලුයම 4.15 දක්වා සිංහල ස්වදේශිය සේවය ඔස්සේ විසුරුවා හැරීමට විධිවිධාන යොදා තිබේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුරපසළොස්වක පොහෝ දිනකම පැවැත්වෙන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 204 වැන්න කොළඹ විජේරාම මාවතේ අගමැති නිල නිවසේදී අද පැවැත්විනි. කොළඹ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති පුජ්‍ය බොරලන්දේ වජිරඥාණ ස්වාමින් වහන්සේ ධර්ම දේශනය පැවැත්වුහ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව පැවැත්වු ධර්ම දේශනයට සදැදැහැවතුන්ගේ සහභාගිත්වයක් නොතිබු අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ පවුලේ ඥාතිහු කිහිපදෙනෙක් ඊට එක්ව සිටියහ.