සංවර්ධනයට ඇති විශාලතම බාධකය දුෂණය බව ජනාධිපතිතුමා පවසයි – එවැනි සිදුවීම් වහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දැනුම් දී පුරවැසි යුතුකම ඉටු කරන්නැයි එතුමා ජනතාවගෙන් ඉල්ලා සිටී

Share Button

දුෂණය සංවර්ධනයට ඇති විශාලතම බාධකය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. සමාජයීය හෝ ආර්ථික හෝ කවර ක්‍ෂේත්‍රයක වුවද සිදුවන දුෂණය රටේ වර්ධනයට බාධා පමුණුවන බව එතුමා පෙන්වා දෙයි. අදට යෙදී ඇති දුෂණ විරෝධී දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් එතුමා මේ බව සදහන් කරයි. අධීක්ෂණ යාන්ත්‍රණයේ දුබලතා හේතුවෙන් දුෂණයට ඉඩප්‍රස්ථා විවර වන බව ප්‍රකටව පෙනේ. දුෂණයට එරෙහිව වඩාත් හොඳින් සටන් කිරීමට රටකට හැකි වන්නේ ඊට එරෙහි වීමට රට වැසියන් හට උවමනාවක් සහ නැඹුරුවක් ඇති විටදීය. දුෂණය පරාජය කිරීමට ඇති හොඳම ආයුධය රට වැසියා එය නොඉවසීමයි. දුෂණයට එරෙහි සටනේ දී රට වැසියා බලගැන්වීමට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉහළ අවධානයක් යොමු කළේ එබැවින් යැයි එතුමා සදහන් කරයි. නාස්තිය හ ා දුෂණය පිටු දැකීම වත්මන් රජයේ ප්‍රධාන වගකීමක් කොට සලකන බවද එතුමා කියා සිටී. කුමනාකාරයක අල්ලස් හා දුෂණ සිදුවීම් . නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත නොපමාව වාර්තා කිරීමෙන් ජනතාවට සිය පුරවැසි යුතුකම ඉටු කළ හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.