ලංකා ප්‍රිමියර් ලීග් -දඹුල්ල වයිකින් පෙරමුණට

Share Button

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කලම්බු කිංග්ස් කණ්ඩායම සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර තරගය සුරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදි දැන් පැවැත්වේ. කාසියේ වාසිය දිනු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ඇරයුමින් මුලින් පන්දුවට පහර දුන් කලම්බු කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවි ලකුණු 173 ක් රැස්කලේය. මෙම තරගයේ විශේෂත්වය වුයේ කලම්බු කිංග්ස් කණ්ඩායමේ ලෝරි එවන්ස් ශතකයක් වාර්තා කිරිමයි. පන්දු 65 කදි ලකුණු 108 ක් රැස්කිරිමට ඔහු සමත්විය. ලෝරි එවන්ස්ගේ ඉනිමට 4 පහර 9 ක් සහ 6 යේ පහර 5 ක් ද ඇතුලත්විය. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවුයේ කඩුලු 06 ක් දැවි ලකුණු 167 ක් පමණි. ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 06 ජයක් කලම්බු කිංග්ස් කණ්ඩායමට හිමිවිය.

මේ අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට තරග මුදලින් සියයට විස්සක දඩු මුදලක් නියම කිරිමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලයේ තරග තිීරක වෙන්ඩෝල් ලැබ්රෝයි මහතා නියම කර තිබෙ. දඹුල්ල වයිකින් කණ්ඩයම සමග ඊයේ පැවැති තරගයේදි නියමිත කාලය තුල අදාල පන්දුවාර සංඛ්‍යාව යැවීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අපොහොසත්විම මිට හේතුවයි.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල ගුවන් විදුලිය ලෙස ශ්‍රීී ලංකා ගුවන් විදුලි සංස්ථාව කටයුතු කරයි. තරගාවලියේ තරග පන්දුවෙන් පන්දුව විකාශය කිරීමට ගුවන් විදුලිය සුදානමින් සිටී. කොළඹින් මෙගාහර්ට්ස් 107 යි දශම 3 ඔස්සේ අසන්නන්ට ඊට සවන්දිය හැකිය. යටියන්තොට මෙගාහර්ට්ස් 107 යි දශම 5 හා හපුතලේ මෙගාහර්ට්ස් 104 යි දශම 9 ඔස්සේ එම ප්‍රදේශවල ජනතාවට මේ සදහා සවන්දිය හැකිය. හුන්නස්ගිරිය මෙගාහර්ට්ස් 97 යි දශම 4 දෙනියාය මෙගාහර්ට්ස් 104 යි දශම 7 රදැල්ල මෙගාහර්ට්ස් 102 යි දශම 1 කරගහතැන්න මෙගාහර්ට්ස් 97 යි දශම 4 සහ කොකාවිල් මෙගාහර්ට්ස් 89 යි දශම 8 සංඛ්‍යාත ඔස්සේ ද තරගාවලිය විසුරුවා හැරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...