බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
විදෙස් පුවත්

නව කොරෝනා වෛරසය ප්‍රභේදය බ්‍රිතාන්‍යය ආක්‍රමණය කරයි

Share Button

නව කොරෝනා වෛරසය ප්‍රභේදය බ්‍රිතාන්‍යය ආක්‍රමණය කරයි. ඒ අනුව රටවල් 40 ක් යළිත් වරක් බ්‍රිතාන්‍යයට සංචරන සීමා පනවා ඇත. ස්වීඩනය විදෙස් සංචාරකයින් රට තුළට ගෙන්වීම සම්පුර්ණයෙන් නවතා දැමූ බව ඊයේ නිවේදනය කළේය. නමුල් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි තත්ත්වයන් පිළිබඳ ප්‍රධානී මයික් රයින් පවසන්නේ මෙම නව ප්‍රභේදය පාලනය කළ නොහැකි තත්ත්වයක් දක්වා වර්ධනය වී නොමැති බවයි. දකුණු අප්‍රිකාවේ සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන සංචාරකයින්ටද සීමා පනවා ඇත. මේ අතර ඔස්ට්‍රේලියාවටත් නව කොරෝනා ප්‍රබේදයෙන් බලපෑම් එල්ල වී තිබේ. සිඩ්නි ඇතුඵ ප්‍රදේශ කිහිපයකින් නව වෛරස ආසාදිතයින් වාර්තා වී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...