බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
දේශීය පුවත්

කොවිඩ් නයින්ටින් වසංගතය මැඩ පැවැත්විම සදහා රුපියල් බිලියන 100 කට වැඩි මුදලක් වැය කර ඇතැයි රජය කියයි

Share Button

කොවිඩ් නයින්ටින් වසංගත තත්ත්වය මැඩ පැවැත්විම සදහා රජය මේ වනවිට රුපියල් බිලියන 100 කට ව ැඩි මුදලක් වැය කර ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා පවසයි. දිවයින පුරා පී සී ආර් පරීක්ෂණ මධ්‍යස්ථාන හා රසායනාගාර 30 ක් අලුතින් ස්ථාපිත කර ඇත. කොවිඩ් රෝග ව්‍යාප්තිය පාලනයට රජය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබේ. රෝගය සුවවිමේ ඉහළ ප්‍රතිශතයක් පෙන්නුම් කෙරේ. වාර්ෂිකව රිය අනතුරු වලින් හාරදහසකට ආසන්න සංඛ්‍යාවක් මිය යන අතර. කොවිඩ් නිසා මිය යන සංඛ්‍යාව පාලනය වී ඇත්තේ ඉහළ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් නිසා බව ඔහු සදහන් කළේය. ජනමාධ්‍ය අමාත්‍යංශයේ අද පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ලේකම්වරයා මේ බව කිවේය කොවිඩ් නයින්ටින් පාලනය සදහා නිෂ්පාදනය කර ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් කඩිනමින් දිවයිනට ගෙන්විමට අවශ්‍ය කටයුතු කෙරෙමින් පවති. ඒ සදහා මෙරට ප්‍රධාන පෙළේ ඇගලුම් කර්මාන්ත ආයතනයක් ඩොලර් මිලියන 50 ක් ලබාදිමට කැමැත්ත පළ කර ඇත. මුල් අදියරේදි කොවිඩ් අධි අවදානම් කණ්ඩායම් වලට එන්නත ලබාදිමට නියමිතයි. ප්‍රතිශක්තිකරණ එන්නත් මෙරටට ගෙන්විමට ලෝකබැංකුව ආසියානු සංවර්ධන බැංකුව යුනිසෙෆ් සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන මූල්‍යාධාර ලබාදිමට කැමැත්ත පළ කර ඇතැයි ලේකම්වරයා කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...