බදාදා, ඔක්තෝබර් 4, 2023
අවධානය පිණිසයි

ජාතික ගුවන් විදුලිය සංවිධානය කරන අපොස සාමාන්‍ය පෙළ තවත් සම්මන්ත්‍රණයක් හෙට

Share Button

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් වෙනුවෙන් ජාතික ගුවන් විදුලියේ සිංහල ස්වදේශිය සේවය සංවිධානය කරන සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් හෙට පැවැත්වෙයි. බුද්ධ ධර්මය විෂයේ දෙවන කොටසට අදාල අනුමාන ප්‍රශ්න එහිදී සාකච්ඡා කෙරේ.

අනුමාන ප්‍රශ්ණ පත්‍ර දෙවන කොටස් හා සියලුම ප්‍රශ්ණ පත්‍රවල පිලිතුරු පත්‍ර දිනමිණ පුවත්පතේ අද පලවෙයි. මෙම සම්මන්ත්‍රණ සදහා රජයේ ප්‍රධාන පාසල් රැසක ප්‍රවිණ ආචාර්ය මණ්ඩලයක් සහභාගි වෙති.

සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණ මාලාවේ දි සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයන් වන මවුබස, ආගම, ගණිතය, විද්‍යාව, ඉංග්‍රිසි සහ ඉතිහාසය විෂය සදහා ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...