හඳුනා නොගත් කුරුළු විශේෂයකින් කහටගස්දිගිලියේ ගොවිතැනට හානි
කහටගස්දිගිලිය අන්දරගොල්ලෑව ගම්මානයේ කුඹුරු අක්කර 100 ක් හඳුනා නොගත් කුරුළු විශේෂයක් පැමිණ විනාශ කර ඇතැයි ගම්වාසීහු කියති.
වල්අලි, කුරුල්ලන්, වල් ඌරන්මොණරුන්, දලඹුවන්, මුවන්, සහ ඉත්තෑවන් වැනි සතුන් දිගින් දිගටම තම වගාවන්ට හානි කරන බවද ඔව්හු පෙන්වා දෙති. හොරොව්පතාන, මැදවච්චිය, තලාව, විලච්චිය, තන්තිරිමලේ , ඇතුඵ ගම්මාන රැසකට මෙම තර්ජන පවතී.
තමන් පරම්පරා ගණනාවක් ගොවිතැන් කටයුතු කරන නමුත් මෙම කුරුළු විශේෂය දැක නැති බව ඒ ධර්මදාස ගොවි මහතා කීවේය. මොවුන්ගෙන් වැඩි තර්ජනයක් ඇත්තේ රාත්රියේය. තමන්ට දැන් ගොවිතැන් එපාවී ඇතැයි ජී විමලදාස ගොවි මහතා පැවසීය. වන සතුන්ගෙන් සිදුවන පාඩුව දරාගත නොහැකි බවද ඔහු කියා සිටී. බලධාරීන් මේ පිළිබඳව වහා අවධානය යොමු කළයුතුයැයි ්ඔව්හු කියති.