වසර 10 කට පසු පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 ම විවෘත කෙරේ
පොළොන්නරුවට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ජලධාරිතාව උපරිම මට්ටමකට ලගාවී තිබේ. ඒ අනුව වසර තුනකට පසු එහි වාන් දොරටු 10 ම විවෘත කළ බව පොළොන්නරු කලාප වාරිමාර්ග අධ්යක්ෂ එස්. කේ. හේවාගම මහතා පවසයි.
මේ නිසා පහත්බිම් ජලයෙන් යටවීමේ අවධානමක් පවතින බැවින් ඒ පිළිබඳ ජනතාව සැලකිලිමත් විය යුතුය. මෙම මුදාහරින ජලය හේතුවෙන් පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශය අඩියක් පමණ ජලයෙන් යටවී තිබේ. ඒ නිසා ගමනාගමනයට සුළු බලපෑමක් එල්ල වි තිබුණි.
මේ අතර පදවිය ජලාශයේ වාන් දොරටු දෙකක්ද විවෘත කර ඇත. ඒ නිසා මාඔයේ ජල මට්ටම ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. රාජාංගනය , දැදුරුඔය, යාන්ඔය ජලාශවලද වාන් දොරටු විවෘත කර ඇත.