ඉන්දීය – ඔස්ට්‍රේලියානු තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි
ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර සිඩ්නි නගරයේ පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි. ජයග්‍රහණය සදහා ලකුණු 447 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 334 ක් රැස් කළේය. රෙස්බා පාන් ලකුණු 97 යි. ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 338 ක් රැස් කළ අතර දෙවන ඉනිමේදී කඩුලු 6 ක් දැවී ලකුණු 312 ක් රැස් කළේය. ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමේ දී ලැබු ලකුණු සංඛ්‍යාව 244 කි.