කොන්දේසි යටතේ ස්වර්ණමහල් මුල්‍ය ආයතනයේ කටයුතු නාමිකව ඇරඹෙයි

Share Button

සීමිත අරමුණක් සඳහා කොන්දෙසි පදනමින් ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයේ ව්‍යාපාර කටයුතු යළි ආරම්භ කිරීමට යයි. ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය එම තිරණය ගෙන ඇත. ජනතාවගේ සහ ආයතනයේ තැන්පත්කරුවන්ගේ යහපත උදෙසා 2011 මුදල් ව්‍යාපාර පනත අනුව මෙම තිරණය ගෙන ඇත.

සීමිත කාලයක් සඳහා මුදල් මණ්ඩලය පත්කරන ලද කළමනාකරණ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ආයතනයේ ඇති ඉතිරි තැන්පතුවලින් සියයට 50 ක ප්‍රමාණයක් ආපසු ගෙවීම සඳහා පමණක් අප්‍රේල් 12 වැනිදා දක්වා එම ආයතනය ව්‍යාපාර කටයුතු වෙනුවෙන් නාමිකව විවෘත කෙරේ. මෙම ආයතනයේ ව්‍යාපාර කටයුතු ඉකුත් වසරේ ජුලි 13 වැනිදා සිට අත්හිටුවිමට ශ්‍රි ලංකා මහ බැංකුව ක්‍රියා කළේය. එහි ව්‍යාපාර කටයුතු අත්හිටවු කාලසීමාව තුල තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාර ක්‍රමය යටතේ රක්ෂිත තැන්පත්කරුවන්ට වන්දි ගෙවීම මහජන බැංකුව හරහා සිදුකෙරුණි. ඉකුත් වසර නිමාවන විට එක් රක්ෂිත තැන්පත්කරුවෙකු වෙනුවෙන් රුපියල් හයලක්ෂයක උපරිමයකට යටත්ව මුඑ තැන්පත්කරුවන්ගෙන් සියයට 25 කට රුපියල් මිලියන 834 කට වැඩි මුදලක් ගෙවා තිබේ. මුල් තැන්පත් කරුවන් සංඛ්‍යාව 9660 කි.

මේ දක්වා වන්දි මුදල් ලබානොගත් තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂ 6 ක උපරිමයකට යටත්ව රක්ෂණ වන්දි ගෙවීම අඛණ්ඩව සිදුකෙරේ. මෙම ගෙවීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සහ ආයතනයට අයවිය යුතු සියලු මුදල් අයකර ගැනිම හැර කිසිඳු මුල්‍ය ව්‍යාපාරයක් හෝ මුල්‍ය නොවන ව්‍යාපාරයක් කරගෙන යාමට ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී ආයතනයට අවසර දි නොමැති බව ශ්‍රි ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

එම ආයතනයේ මුදල් තැන්පත් කිරීම හෝ වෙනත් කිසිඳු ආකාරයක ව්‍යාපාරික කටයුත්තක් සිදිුකිරීමෙන් වලකින්නැයි ද ශ්‍රි ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...