සමගි ජන බලවේගය විපක්ෂය ලෙස රජයේ කටයුතු වලට බාධා නොකරන බව විපක්ෂ නායක පවසයි

Share Button

විපක්ෂ නායකවරයා ජාතික ප්‍රශ්න ගැන පමණක් කතා කළ යුතු බවත් ප්‍රාදේශිය ප්‍රශ්න කතා කිරිම මන්ත්‍රිවරුන් කළ යුතු බවටත් සිය දේශපාලන ප්‍රතිවාදින් ගෙන යන ප්‍රචාර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බැහැර කරයි.ඔහු පෙන්වා දෙන්නේ දුගී දුප්පත් ජනතාව මුහුණ දෙන සෑම ප්‍රශ්නයක්ම ජාතික ප්‍රශ්නයක් බවයි.
සමගි ජන බලවේගය විපක්ෂයක් ලෙස සෑම අවස්ථාවකදිම රජයේ වැඩපිළිවෙලට විරුද්ධ නොවේ. විපක්ෂය ලෙස ජනතාවගේ දැවෙන ප්‍රශ්න දේශපාලන න්‍යායපත්‍රයේ ඉහළටම ගෙනඒමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කරයි.
සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ මොණරාගල බුත්තල ඔක්කම්පිටිය ප්‍රදේශයේ පසුගියදා පැවති විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහනේ රැස්විමකට එක්වෙමිනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...