බ්‍රිතාන්‍ය ජනතාවගෙන් ලක්ෂ 40 කට කොරෝනා එන්නත

Share Button

බ්‍රිතාන්‍ය ජනතාවගෙන් ලක්ෂ 40 ක් කොරෝනා වෛරසයට එරෙහිව මේ වනවිට එන්නත් කර අවසන් බව එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මහතා කියයි.
වයස අවුරුදු 80 ට වැඩි ජනතාවගෙන් අඩක් මෙන්ම වැඩිහිටි නිවාසවල ජිවත්වන ජනතාවගෙන් අඩක් මේ වනවිට එන්නත් කර ඇතැයි අගමැති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු සදහන් කළේය.
කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරිම අත්‍යවශ්‍ය බව ද සෞඛ්‍ය ලේකම්වරයා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.