විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළට

Share Button

විශ්ව විද්‍යාවලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවධානය යොමු වෙයි. 2019 අපොස උසස් පෙළ විභාගයේ පැරණි සහ නව නිර්දේශ කඩයිම් ලකුණු මට්ටම් දෙකකින් විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරා ගැනිමේදී උද්ගතවී ඇති ගැටඑ විසඳීමට එම කොමිසම අවධානය යොමුකර ඇත. ඒ අනුව බඳවාගැනිමේ පටිපාටියට හා පවත්නා නීතිරීතිවලට අනුකූලව ගැටඑ පවතින සිසුන්ගේ ඉල්ලීම් සපුරාලීමට ක්‍රියා කෙරේ. ඔවුන්ගේ අභියාචනා සලකා බලා ඔවුන් විශ්ව විද්‍යාලවලට බඳවා ගැනිමට කඩිනම් පියවර ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කලේය. අමතරව බඳවාගැනිමට අපේක්ෂිත ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු ලබන මස 08 වැනිදා ප්‍රකාශයට පත්කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *