මෙරටින් අද උදෑසන වනවිට කොවිඩ් නයින්ටින් ආසාදිතයින් 892 දෙනෙකු හදුනාගෙන තිබේ
මෙරටින් අද උදෑසන වනවිට කොවිඩ් නයින්ටින් ආසාදිතයින් 892 දෙනෙකු හදුනාගෙන තිබේ . ඔවුන්ගෙන් 40 දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි අය බව කොවිඩ් නයින්ටීන් පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
දේශියව හදුනාගනු ලැබු 852 දෙනා අතුරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. එම සංඛ්‍යාව 298 කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 203 දෙනෙකු හදුනාගෙන තිබේ. කොළඹ මත්ස්‍ය වෙළෙඳපලට සම්බන්ධ පොකුරෙන් අද උදෑසන වනවිට වාර්තා වූ සම්පුර්ණ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 57 608 කි. පුර්ණ සුවය ලැබු සංඛ්‍යාව 49 278 කි. මේ දක්වා දිවයිනෙන් වාර්තා වන සම්පුර්ණ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 61 585 කි. පුර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 54 දහස ඉක්මවා තිබේ. හයදහසකට වැඩි පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබති.
අද උදෑසන වනවිට වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ. ඒ අනුව මෙරට මරණ සංඛ්‍යාව 297 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ සිදුකළ පි සි ආර් පරීක්ෂණ සංඛ්‍යාව 19 420 කි.