ජනපති ගම සමග පිළිසදර අද මොණරාගල තණමල්විල අලුත්වැව දී
ජනාධිපති ගෝිඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය ප්‍රකාශය අනුව සංවිධානය කෙරෙන ගම සමග පිළිසදරක් වැඩසටහනේ 08 වැන්න මොණරාගල තණමල්විල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අලුත්වැව කුකුල්කටුව වැව ඉස්මත්තේදි අද පෙරවරු 10.00 ට ඇරඹෙයි. ජනාධිපතිතුමා මෙන්ම තවත් මැති ඇමතිවරුද, රාජ්‍ය නිලධාරිහු ද , ප්රදේශවාසිහු ද මේ සදහා එක්වෙති. තම ප්‍රශ්න ඉදිරිපත් කිරිම සදහා ප්‍රදේශයේ විශාල පිරිසක් මේ වනවිට සුදානමින් සිටින බව මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා ජාතික ගුවන්විදුලියට පැවසිය
දුෂ්කර ගම්මානවල ජනතාවගේ ජිවන තත්ත්වය හා යටිතල පහසුකම් නගා සිටුවිමට ජනාධිපතිතුමාගේ මෙම වැඩසටහන මීට පෙර ස්ථාන 07 කදී පැවැත්විණි. පලමුවැඩසටහන බදුල්ල කුමාරතැන්න ග්‍රාමයේදි පැවැත්විණි දෙවැන්න මාතලේ විල්ගමුව හිඹිලියාකඩ ග්‍රාම නිලධාරි වසමෙත් තෙවැන්න බලංගොඩ රාවනාකන්ද ග්රාමයේදත් ක්‍රියාත්මක විය. 04 වැනි වැඩසටහන පැවැත්වුයේ කැබිතිගොල්ලෑව කනුගහවැව ප්‍රාථමික විදුහලේදිය. අනතුරුව අම්පාර උහන ලාටුගල ග්‍රාමයේදි 05 වන වැඩසටහන පැවැත්විණි. 06 වැන්න පැවැත්වුයේ පොළොන්නරුව මැදිරිගිරිය වෙඩිකච්චිය ග්රාමයේදිය. අවසන් වැඩසටහන ඉකුත් සෙනසුරාදා කඵතර වලල්ලාවිට යට්ටපාත ප්‍රදේශයේ පැවැත්විණ. මාර්ග සංවර්ධනය. ගොවින්ගේ ගැටලු යටිතල පහසුකම් සංවර්ධනය තේ රබර් ඇතුඵ ආර්ථික බෝග වගාවලට පවතින ගැටලු වලට විසදුම් මෙම වැඩසටහන් මගින් ලබාදුන්නේය . එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ දැයි පසු විපරම් කිරිමද නිරන්තරයෙන් සිදුවෙයි