SDB බැංකුව ශ්‍රේණිගත කිරීමේ පළමු සමාගම් 50 අතරට

Share Button

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර ආයතන අතර පෙරටම යමින් SDB බැංකුව, මෑතකදී LMD සඟරාව විසින් පළමු වරට ප්‍රකාශයට පත් කල “වැඩිම සම්මාන ලද සමාගම් (Most Awadred) ශ්‍රේණිගත කිරීමේ පළමු සමාගම් 50 අතරට එකතු වී ඇත.

ව්‍යාපාර ලෝකයේ වැදගත් ශ්‍රේණිගත කිරීමක් ලෙස සැළකෙන LMD Most Awarded ශ්‍රේණිගත කිරීමේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට පාත්‍ර වූ සමාගම් ශ්‍රේණිගත කිරීමයි. පළමු වරට ප්‍රකාශයට පත් කෙරුණු මෙම ශ්‍රේණිගත කිරීම සඳහා 2019 ජනවාරි මස සිට 2020 සැප්තැම්බර් මාසය දක්වා කාල පරිච්ඡේදය තුළ අදාළ සමාගම් විසින් දිනාගත් ජාත්‍යන්තර හා දේශීය සම්මානවලට එකතුව සළකා බලන ලදි.

SDB බැංකුව පළමු 50 දෙනා අතරට අයත් වීම සඳහා පැමිණි ගමනේදී බොහෝ දැවැන්ත බහුජාතික ව්‍යාපාර සමාගම් හා දේශීය බහුවිධ සමාගම්ද පසුකර තිබීම විශේෂත්වයකි.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ ප්‍රමුඛතම බැංකුව ලෙස ගොඩනඟා ගත් කීර්තියද සමඟ SDB බැංකුව මෑතකාලීනව ආයතනික ව්‍යාපාර අංශයට වැඩි අවධානයක් යොමු කිරීම මෙලෙස තරඟකාරී, ප්‍රමුඛතම වාණිජ ආයතන අතරට පැමිණීමට මූලික හේතුවකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.