ඇමෙරිකානු-චීන ජනාධිපතිවරුන් අතර දුරකථන සංවාදයක්

Share Button

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා චීන ජනාධිපති ෂි ජින්පින් මහතා සමග දුරකථන සංවාදයක නිරත වෙයි. ඔවුන් දෙදෙනා සංවාදයකට එක්වු පලමු අවස්ථාව මෙයයි.

චීනය හොංකොං දුපතේ පැවති ප්‍රජාතන්ත්‍රවාදි උද්ඝෝෂණ මර්දනය කිරීම, ෂිංජියැන්ග් ප්‍රදේශයේ මානව හිමිකම් කඩවීම් ආදි කරුණු සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා එහිදී චින ජනාධිපතිවරයාගෙන් කරුණු විමසු බව ධවල මන්දිරය සදහන් කරයි. තායිවානය හා චීනය අතර පවතින අර්බුදය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එම සංවාදයේදී අවධානය යොමුවිය.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා චීනයට එරෙහිව ආර්ථික සම්බධාක පැනවීම හේතුවෙන් දෙරට අතර සබඳතා පලුදු විය. චීන ජනාධිපතිවරයා පවසන්නේ දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් පැවතීම සුදුසු නොවන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...