ගම සමග පිළිසඳර පිළිබඳව විපක්ෂයේ චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි

Share Button

විපක්ෂය කුමන විවේචන සිදු කළද ප්‍රායෝගිකව ජනතා ගැටඵ විසදන නායකයෙකු ලෙස ජනාධිපතිතුමා ගම සමග පිළිසඳරක් වැඩසටහන මගින් විශාල වැඩකොටසක් ඉටු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතා ගැටඵවලට එම අවස්ථාවේදිම විසදුම් දීමට ක්‍රියා කරයි ඒ සම්බන්ධයෙන් පසු විපරම් කිරීම ද සිදු වන බව ජාතික ගුවන් විදුලියේ සුභාරතී වැඩසටහනට අද එක් වෙමින් ඔහු පැවසීය

මේ වසරේ දී අපනයන කලාප 9 ක වැඩ ආරම්භ කෙරේ. සෞභාග්‍යයේ දැක්ම වැඩසටහනට අනුව අපනයන ගම්මාන දහසක් පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ මේ වසරේ දිී අපනයන ගම්මාන 125 ක් පිහිටුවීමට නියමිතයි. එහි සමාරම්භක උත්සවය ලබන 27 වැනිදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ කසාගල විහාරස්ථානයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ උක් , බඩඉරිගු , කජු , ගම්මිරිස් , ඇතුඵ් කුඩා වැවිලි බෝග වගා ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන අමාත්‍යංශය මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි මීට සමගාමීව ආදර්ශ වගා ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය ගම්මිරිස් ගොවීන් ආරක්ෂා කිරීමට ද වැඩපිළිවෙලක් සකස් කෙරේ එළැඹෙන අලුත් අවුරුද්දට පෙර ගම්මිරිස් සදහා කර්මාන්ත ශාලාවක් කඩිනමින් සාදා අවසන් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි ඔහු කීවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...