පකිස්තාන අගමැති හා ජනපති අතර නිල සාකච්ඡා

Share Button

නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි සිටින ඉම්රාන් ඛාන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල සාකච්ඡා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දැන් පැවැත්වේ. පකිස්තානයේ 22 වැනි අගමැතිවරයා වන්නේ ඉම්රාන් ඛාන් මහතායි. ඔහු එම ධුරයට පත්විමෙන් පසු ශ්‍රි ලංකාවට පැමිණි පලමු අවස්ථාව මෙයයි. එමෙන්ම මේ වසරේ ඔහුගේ පලමු විදේශ සංචාරයද වෙයි.

පකිස්තාන අග්‍රාමාත්‍යවරාගේ දෙදින නිල සංචාරයට සමගාමිව ශ්‍රි ලංකාව සහ පකිස්තාන අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහකට අත්සන් තැබෙ. අරලියගහ මන්දිරයේදි එම ගිවසුම් වලට අත්සන් තැබුණි. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රමුඛ දෙරටේ නියෝිජිතයෝ එක්වුහ.

සංචාරක සහයෝගිතාව පිළිබඳව අවබෝධතා ගිවිසුම මෙරට ආයෝජන මණ්ඩලය සහ පකිස්තාන ආයෝජන මණ්ඩලය අතර සහයෝගිතා ගිවිසුම ශ්‍රි ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනය සහ පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය සහ ඉස්ලාමාබාද් කොම්සැට්ස් විශ්ව විද්‍යාලය අතර සහයෝගිතාව කොළඹ විශ්ව විද්‍යාලය සහ පකිස්තානයේ ලාහෝර් ආර්ථික විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම යන ගිවිසුම් වලට එහිදි එළඹ තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...