රජයේ වෙළෙඳ සීමා GSP+ සදහා බලපෑමක් නොමැති බව යුරෝපා සංගමය කියයි
රජය මගින් පනවා ඇති වෙළෙඳ සීමා ජී.එස්.පී ප්ලස් සදහා බලපෑමක් ඇති නොකරන බව ශ්රී ලංකා මාලදිවයින් යුරෝපීය නියෝජීත කණ්ඩායමේ ප්රධානී ්රෆ්රුන්ක් හේස් මහතා පවසයි. ජි.එස්.පී ප්ලස් සහ ආනයන සීමා අතර කිසිදු සම්බන්ධයක් නොමැත. ජී. එස්. පී ප්ලස් ලබා දෙන්නේ පාරිසරික ගැටඵ,සමාජ ගැටඵ සහ පාලනය පිළීබඳව එක්සත් ජාතීන්ගේ සම්මුති ගණනාවක් ක්රියාත්මක කිරීමට ශ්රී ලංකාව කැපවී සිටින නිසා බව ඔහු කියයි. එම අරමුණු ක්රියාත්මක කරන තෙක් ශ්රී ලංකාව එම වැඩසටහන සදහා සුදුසුකම් ලබයි.
ජී. එස්. පී ප්ලස් සදහා රටක් සුදුසුකම් ලැබීමට ඒකපුද්ගල ආදායම ඩොලර් හාරදහසට අඩු වියයුතුය. පසුගිය අවුරුදු කිහිපයේදී ශ්රී ලංකාව එම සිීමාවට පහලින් පවතී. එබැවින් තවදුරටත් ජී. එස්. පී ප්ලස් සහනය ලැබේ. මෙම සහනය ඉදිරියේදී නියාමනය කිරීමට යුරෝපා සංගමය බලාපොරොත්තුවේ වසර 2022 සහ 2023 දී එම වෙනස්කම් සිදුකෙරේ.