කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සාර්ථකව.

Share Button

කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් නයින්ටීන් එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් මේ දිනවල සාර්ථකව ක්‍රියාත්මක කෙරේ. කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ 5000 කට පමණ එන්නත ලබාදී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චන්දන පත්බේරිය මහතා පවසයි.

කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ දස දහසකට පමණ එන්නත ලබාදී ඇත. අවදානම් කණ්ඩායම්වලට මෙහිදී ප්‍රමුඛතාව හිමිවේ. රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දින 5 ක් පුරා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. බඩෝවිට ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ ප්‍රජාවට එන්නත් ලබාදීම අද සිදු කෙරේ. පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ද 2000 කට පමණ එන්නත ලබාදී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය දුමින්ද කහන්ගමගේ මහතා පවසයි.

මෙරටින් අද උදෑසන කොවිඩ් ආසාදිතයන් 384 දෙනෙකු හදුනාගෙන තිබේ. වැඩිම ආසාදිතයන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි. එම සංඛ්‍යාව 78 කි. මිනුවන්ගොඩ හා කොළඹ මත්ස්‍ය වෙලෙදසල් පොකුරෙන් වාර්තා වු සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 80 දහස් 950 කි. ඉන් 79 දහසකට වැඩි සංඛ්‍යාවක් පුර්ණ සුවය ලබා ඇත. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සම්පුර්ණ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 84 දහස් 609 කි. 81 දහසකට ආසන්න පිරිසක් පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. තවත් මරණ 5 ක් අද උදෑසන වනවිට වාර්තා විය. ඒ අනුව මෙරට මරණ සංඛ්‍යාව 489 ක් දක්වා ඉහල ගොස් තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.